අපේක්ෂාවේ අරුණළු ජනතා පෙරමුණ
සැබෑ ධර්මද්වීපයක් උදේසා, හේතුඵලවාදී රටක්, අවිහින්සාවාදී හෙටක්…
අපේක්ෂාවේ අරුණළු ජනතා පෙරමුණ
සැබෑ ධර්මද්වීපයක් උදේසා, හේතුඵලවාදී රටක්, අවිහින්සාවාදී හෙටක්…
අපගේ එකම අරමුණ වර්තමානයේ පවතින බංකොලොත් දේශපාලනය හා එය නිර්මාණය කිරීමට දායක වූ දූෂිත මහජන නියෝජිතයන් මෙන්ම ඔවුන්ගේ දේශපාලනය පක්ෂ සතු ඒකාධිකාරී බලය අප මාතෘ භූමියෙන් සහමුලින් ම උපුටා දමා ආගමික, ජනවාර්ගික, ආකල්පමය මතභේදයන්ගෙන් බෙදී වෙන් නොවූ එකම සහෘද ශ්‍රී ලාංකිකයන් මෙන්, සියලු ශ්‍රී ලාංකිකයන්ට ඔබින මානව හිතවාදී දේශපාලනිකමය, සමාජීය හා ආර්ථිකමය වශයෙන් දියුණු මාතෘ භූමියක් නිර්මාණය කිරීමටයි. මෙම උතුම් අභිලාෂය පෙරදැරිව තමන්ගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් මෙම අභියෝගය ජය ගැනීම පිණිස ආදරණීය ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාගේම කොන්දේසි විරහිත උපරිම දායකත්වය හා කැපවීම බලාපොරොත්තු වෙමු.
මාතෘභූමිය පිළිබඳ අපේක්ෂාවේ අරුණැල්ල
ලෝකයේ පවතින දේශපාලන වහල් භාවයෙන් මිදුණු, නොබෙදුනු රාජ්‍යයක් ලෙස සමගියෙන්, විවිධ සංස්කෘතීන්ගෙන් විචිත්‍රවත් වී, සියලු ජාතීන් පූර්ණ ආගමික නිදහස භුක්ති විදිනා, ආර්ථිකමය, සමාජීමය හා දේශපාලනමය ස්වෛරීත්වයෙන් යුතු තිරසාර සංවර්ධනයෙන් බලගැන්වී ලොව දිනනා රාජ්‍යකි.
ඒ ඒ ක්ෂෙත්රයන්ගේ ප්‍රවීණයන්ට හා මහජනතාවට පාර්ශව කරුවන් ලෙසින් සම්බන්ධ වී අපේක්ෂිත මාතෘභූමිය ගොඩනැගීමට ස්වකීය දායකත්වය ලබාදීමට, ජාතික විද්වත් සභාවක් ලෙස ක්‍රියාත්මක වීමට, ඉඩහසර ලබාදීම අපගේ අභිප්‍රායයි.
දේශීය චින්තනය හා පෞරාණික තාක්ෂණයත් පෙරදැරිව නූතන තාක්ෂණික දැනුමෙන් ශ්‍රී ලාංකීක ජනතාව සන්නද්ධකොට එමගින් ශ්‍රී ලංකා රාජ්‍යට නූතන ලෝකය අතික්‍රමණය කිරීමට අවශ්‍ය නායකත්වය හා මගපෙන්විම මෙම සන්ධානයේ ප්‍රතිපත්තිය වන්නේය.
2024 පොසොන් මස 13 වන දින අපේක්ෂාවේ අරුණළු ජනතා පෙරමුණ නිල වශයෙන් සියලුම වැඩකටයුතු ආරම්භ කරයි. පොදු අරමුණක් ඔස්සේ හබායන්නට අද දින සිට AAJP කටයුතු කරයි. දේශීකත්වය අගයන ඔබ සියලුදෙනාටම ආරාධනා කරයි අප හා එක්ව රට ගොඩනැගීමට.